අමෙරිකා එක්සත් ජනපදය විසින් හඳුන්වා දී ඇති නව “Green Card” සහ සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස්කම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක අමෙරිකාවට ස්ථිර පදිංචිය සඳහා යාමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විශේෂයෙන්ම “විවිධාංගීකරණ වීසා (Diversity Visa (DV) Lottery)” හෙවත් ජනප්‍රිය “Green Card Lottery” වැඩසටහනට අදාළ නව නීති, අයදුම් ක්‍රියාවලියේ ආරක්ෂක පරීක්ෂණ තද කිරීම සහ අමෙරිකාව තුළ සිටම ස්ථිර පදිංචියට අයදුම් කිරීමේ පහසුකම් සීමා කිරීම මෙහි ප්‍රධාන කරුණු ලෙස සඳහන් වෙයි.
අමෙරිකානු පුරවැසි හා සංක්‍රමණ සේවා ආයතනය (USCIS) සහ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) විසින් ගෙන ඇති නව තීරණ අනුව, ග්‍රීන් කාර්ඩ් (Green Card) සඳහා අයදුම් කරන බොහෝ විදේශිකයන්ට අමෙරිකාවෙන් පිටවී තම මව් රටවල පිහිටි අමෙරිකානු තානාපති කාර්යාල හරහාම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව Diversity Visa වැඩසටහන සඳහා තවමත් සුදුසුකම් ලැබූ රටක් ලෙස පවතින අතර DV-2026 වැඩසටහන සඳහා අයදුම් භාරගැනීම 2024 ඔක්තෝබර් 2 වනදා ආරම්භ වූ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබුණි. කෙසේ වෙතත්, නව නීති හේතුවෙන්:
- අයදුම්කරුවන්ට දැඩි ආරක්ෂක පරීක්ෂණවලට මුහුණදීමට සිදුවීම
- ලේඛන හා ගමන් වියදම් ඉහළ යාම.
- අමෙරිකාව තුළ සිට Green Card ලබා ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ වීම.
- වීසා ප්‍රමාද සහ ප්‍රතික්ෂේප වීමේ අවදානම ඉහළ යාම
වැනි තත්ත්වයන්ම උද්ගත විය හැක. මේ පිළිබඳ සමීප ඇතැම් පාර්ශය පෙන්වා දෙන්නේ, අමෙරිකාව තුළ අධ්‍යාපනය ලබන හෝ රැකියා වීසා මත සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙය වැඩි බලපෑමක් ඇති කළ හැකි බවයි.
- සංක්‍රමණ වංචා අවම කිරීම,
- වීසා පද්ධතියේ ආරක්ෂාව වැඩි කිරීම,
- තාවකාලික වීසා භාවිත කර ස්ථිර පදිංචියට පත්වීම පාලනය කිරීම,
- ජාතික ආරක්ෂක අවදානම් පරීක්ෂා කිරීම
යන අරමුණු මත බව ට්‍රම්ප් පරිපාලනය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එමෙන්ම, අමෙරිකාවේ විවිධාංගීකරණ වීසා වැඩසටහන අත්හිටුවීම හෝ තවත් සීමා කිරීම පිළිබඳ දේශපාලන සාකච්ඡා ද මේ වනවිටත් ආරම්භ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
