Skip to content
Aluth News
Menu
  • Home
  • News
    • Local
    • World
    • Business
    • Entertainment
    • Technology
    • Sport
  • Privacy Policy
  • Terms & Conditions
  • About Us
  • Contact Us
Menu
Green Card Lottery

අමෙරිකාවේ නව “Green Card” ප්‍රතිපත්තියෙන් සංක්‍රමණිකයන්ට දැඩි අභියෝග

May 25, 2026 | 2 days ago

අමෙරිකා එක්සත් ජනපදය විසින් හඳුන්වා දී ඇති නව “Green Card” සහ සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස්කම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක අමෙරිකාවට ස්ථිර පදිංචිය සඳහා යාමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන්ම “විවිධාංගීකරණ වීසා (Diversity Visa (DV) Lottery)” හෙවත් ජනප්‍රිය “Green Card Lottery” වැඩසටහනට අදාළ නව නීති, අයදුම් ක්‍රියාවලියේ ආරක්ෂක පරීක්ෂණ තද කිරීම සහ අමෙරිකාව තුළ සිටම ස්ථිර පදිංචියට අයදුම් කිරීමේ පහසුකම් සීමා කිරීම මෙහි ප්‍රධාන කරුණු ලෙස සඳහන් වෙයි.

අමෙරිකානු පුරවැසි හා සංක්‍රමණ සේවා ආයතනය (USCIS) සහ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) විසින් ගෙන ඇති නව තීරණ අනුව, ග්‍රීන් කාර්ඩ් (Green Card) සඳහා අයදුම් කරන බොහෝ විදේශිකයන්ට අමෙරිකාවෙන් පිටවී තම මව් රටවල පිහිටි අමෙරිකානු තානාපති කාර්යාල හරහාම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව Diversity Visa වැඩසටහන සඳහා තවමත් සුදුසුකම් ලැබූ රටක් ලෙස පවතින අතර DV-2026 වැඩසටහන සඳහා අයදුම් භාරගැනීම 2024 ඔක්තෝබර් 2 වනදා ආරම්භ වූ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබුණි. කෙසේ වෙතත්, නව නීති හේතුවෙන්:

  • අයදුම්කරුවන්ට දැඩි ආරක්ෂක පරීක්ෂණවලට මුහුණදීමට සිදුවීම
  • ලේඛන හා ගමන් වියදම් ඉහළ යාම.
  • අමෙරිකාව තුළ සිට Green Card ලබා ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ වීම.
  • වීසා ප්‍රමාද සහ ප්‍රතික්ෂේප වීමේ අවදානම ඉහළ යාම

වැනි තත්ත්වයන්ම උද්ගත විය හැක. මේ පිළිබඳ සමීප ඇතැම් පාර්ශය පෙන්වා දෙන්නේ, අමෙරිකාව තුළ අධ්‍යාපනය ලබන හෝ රැකියා වීසා මත සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙය වැඩි බලපෑමක් ඇති කළ හැකි බවයි.

  • සංක්‍රමණ වංචා අවම කිරීම,
  • වීසා පද්ධතියේ ආරක්ෂාව වැඩි කිරීම,
  • තාවකාලික වීසා භාවිත කර ස්ථිර පදිංචියට පත්වීම පාලනය කිරීම,
  • ජාතික ආරක්ෂක අවදානම් පරීක්ෂා කිරීම

යන අරමුණු මත බව ට්‍රම්ප් පරිපාලනය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එමෙන්ම, අමෙරිකාවේ විවිධාංගීකරණ වීසා වැඩසටහන අත්හිටුවීම හෝ තවත් සීමා කිරීම පිළිබඳ දේශපාලන සාකච්ඡා ද මේ වනවිටත් ආරම්භ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

You May Missed:

ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රයේ නව පිම්ම: "මධ්‍ය කොරිඩෝ" වෙළඳ මාර්ගයේ කැපී පෙනෙන වර්ධනය...

May 13, 2026

මොස්කව් නුවරට එල්ල වූ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයකින් තිදෙනෙකු මිය යයි

May 18, 2026

කාම්බෝජ විපක්ෂ නායක කෙම් සොඛා නිවාස අඩස්සියෙන් මුදාහැරේ

May 25, 2026

හැම්ප්ෂයර් බාලවයස්කාර දූෂණ නඩු තීන්දුවට බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් අප්‍රසා...

May 25, 2026

ඉන්දීය තරුණියගේ අභිරහස් මරණය ඝාතනයක්ද? සියදිවි නසාගැනීමක්ද?

May 23, 2026

ට්‍රම්ප්ගෙන් පසු පුටින්ටත් බීජිං නුවරින් රතු පලස්

May 19, 2026
Share on Social Media
xfacebooklinkedinemailwhatsapp

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

US air strike in Iran

සටන්විරාමය මධ්‍යයේ ඇමෙරිකාවෙන් ඉරානයට ගුවන් ප්‍රහාර – දෝහා සාකච්ඡා අවදානමක?

9:37 am 26 May 2026
Suresh Sallay

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සුරේෂ් සලෙයි බවට CIDය අධිකරණයට කියයි

9:30 am 26 May 2026
SL Cricket

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ:

9:16 am 26 May 2026
Central Bank of Sri Lanka

මුදල් අච්චු ගැසීම සහ විනිමය අනුපාත ගැන පැතිරෙන සාවද්‍ය මතවලට නොරැවටෙන්න

9:04 am 26 May 2026
Kem Sokha Cambodia

කාම්බෝජ විපක්ෂ නායක කෙම් සොඛා නිවාස අඩස්සියෙන් මුදාහැරේ

10:25 pm 25 May 2026
Landslides warning

දිස්ත්‍රික්ක 6කට නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

9:56 pm 25 May 2026
©2026 Aluth News | Design: Newspaperly WordPress Theme