Skip to content
Aluth News
Menu
  • Home
  • Categories
    • Local
    • World
    • Business
    • Entertainment
    • Technology
    • Sport
  • Privacy Policy
  • Terms & Conditions
  • About Us
  • Contact Us
Menu
Mattala international airport

හම්බන්තොට ජාත්‍යන්තර ගුවන්තොටුපළට නැවත ආයෝජකයන් කැඳවයි!

Posted on May 20, 2026

ශ්‍රී ලංකා රජය හම්බන්තොට ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා නැවතත් ජාත්‍යන්තර ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවා තිබේ. වසර ගණනාවක් තිස්සේ අලාභ සහ අඩු ගුවන් ගමන් හේතුවෙන් විවේචනයට ලක්වූ මෙම ගුවන්තොටුපළ “strategic investor” හෙවත් උපායමාර්ගික ආයෝජකයෙකුට භාරදීමේ උත්සාහය ශ්‍රී ලංකාවේ ආර්ථික සහ භූ-දේශපාලනික වශයෙන් වැදගත් පියවරක් ලෙස සැලකේ.

“ලෝකයේ හිස්ම ගුවන්තොටුපළ” ලෙස ප්‍රසිද්ධ වූ ඉතිහාසය

Mattala Rajapaksa International Airport (MRIA) ලෙස නිල වශයෙන් හැඳින්වෙන මෙම ගුවන්තොටුපළ 2013 වසරේදී විවෘත කෙරුණේ දකුණු ආසියාවේ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිවලින් එකක් ලෙසිනි. එය ඉදිකිරීම සඳහා චීනයෙන් ලබාගත් ණය මුදල් භාවිතා කර ඇති බව වාර්තා වේ. නමුත් ගුවන් ගමන් අඩුවීම සහ ප්‍රමාණවත් වාණිජ ක්‍රියාකාරකම් නොමැතිවීම හේතුවෙන් මෙය බොහෝවිට “World’s Emptiest Airport” ලෙස ජාත්‍යන්තර මාධ්‍යවල පවා හඳුන්වා දී තිබුණි.

නැවත ආයෝජකයන් සොයන්නේ ඇයි?

ශ්‍රී ලංකා රජය පවසන්නේ ගුවන්තොටුපළ සම්පූර්ණයෙන්ම අක්‍රීය වීමට ඉඩ නොදී එය ප්‍රාදේශීය ගුවන් සහ ලොජිස්ටික් මධ්‍යස්ථානයක් (logistics hub) එකක් බවට පත්කිරීම අරමුණ බවයි.

විශේෂයෙන්:

  • ගුවන් භාණ්ඩ මෙහෙයුම්
  • ගුවන්යාන නඩත්තු කටයුතු,
  • සංචාරක ගුවන් යානා,
  • සහ අභ්‍යන්තර ගුවන් සේවා

වැනි ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමේ සැලසුම් ඇති බව වාර්තා වේ.

ඉන්දියාව සහ චීනය අතර උපායමාර්ගික තරඟයක්ද?

හම්බන්තොට වරාය මෙන්ම හම්බන්තොට ගුවන්තොටුපළද ඉන්දියානු සාගරයේ වැදගත් ස්ථානයක පිහිටා තිබීම නිසා මෙය සාමාන්‍ය ව්‍යාපාරික ආයෝජනයකට වඩා භූ දේශපාලනය සමඟ සම්බන්ධ කර දැක්වේ. මීට පෙර ඉන්දීීය ගුවන් තොටුපොළ අධිකාරිය (AAI) සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ කටයුතු කරන ඉන්දීය සමාගම් කිහිපයක් මෙයට උනන්දුව පළ කර තිබුණි.

ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන වාසි

ශ්‍රී ලංකාව මේ වනවිට IMF වැඩසටහන යටතේ රාජ්‍ය වත්කම් කාර්යක්ෂම කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි. ඒ අනුව, හම්බන්තොට ගුවන්තොටුපළට ආයෝජකයෙකු ලැබුණහොත්:

  • රජයේ අලාභ අඩුවීම,
  • නව රැකියා අවස්ථා,
  • දකුණු පළාතේ සංචාරක කර්මාන්ත වර්ධනය,
  • සහ logistics industry එකේ සංවර්ධනය

වැනි ධනාත්මක වාසි අත්කර ගත හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පවසයි. කෙසේ වෙතත් විශේෂඥයන් පෙන්වා දෙන්නේ ගුවන්තොටුපළේ ස්ථානය, අඩු ගුවන් ගමන් ඉල්ලුම සහ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ සමඟ තරඟය තවමත් ප්‍රධාන අභියෝග බවයි.

එමෙන්ම:

  • ප්‍රමාණවත් මගී ගමනාගමනය නොමැතිවීම,
  • ගුවන් තොටුපොළට වන ජීවීන් පැමීණීම (විශේෂයෙන් අලි සහ පක්ෂීන්),
  • සහ පවත්වාගෙන යාමේ අධික පිරිවැය

වැනි කරුණු ද මෙහි සාර්ථකත්වයට බලපාන කරුණු ලෙස සැලකේ.

ඒ අනුව, හම්බන්තොට ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා නැවත ආයෝජකයන් කැඳවීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ විදේශ ආයෝජන උපායමාර්ගයේ වැදගත් පියවරක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය සාර්ථක වන්නේ ආයෝජකයාගේ මුදල් පමණක් නොව, නිවැරදි වාණිජ සැලසුම්, ගුවන් ගමන් ආකර්ෂණය සහ කලාපීය උපායමාර්ගික භාවිතය මත බව විශේෂඥයන් අවධාරණය කරයි.

You May Missed:

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය මත පැනවූ 50%ක නව බදු අධිභාරය

ශ්‍රී ලංකාවට PayPal හරහා සෘජුවම මුදල් ගෙන්වා ගැනීමට ඉඩ ප්‍රස්ථාව!

Share on Social Media
xfacebooklinkedinemailwhatsapp

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

Mattala international airport

හම්බන්තොට ජාත්‍යන්තර ගුවන්තොටුපළට නැවත ආයෝජකයන් කැඳවයි!

9:59 am 20 May 2026
Cyber Crime Crime in Sri Lanka

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සයිබර් වංචා ජාලවල නව කේන්ද්‍රස්ථානයක්ද?

9:33 am 20 May 2026
National War Heroes

17 වන විජයග්‍රහණයේ සැමරුව අභිමානවත් ලෙස නිමා වේ!

9:17 am 20 May 2026
International Monetary Fund

IMF වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක්?

8:55 am 20 May 2026
Harini's visit to UK

අගමැති හරිනි බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක!

11:02 pm 19 May 2026

වැඩිම නැරඹුම්

  • Railway Sri Lankaශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට රුසියාවෙන් අතහිත!
  • රාජ්‍ය ආයතන තුළ ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය තහනම්රජයේ ආයතනවල ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය මැයි 31 සිට තහනම්
  • Ebola Outbreakකොංගෝ සහ උගන්ඩාවේ දරුණු ඉබෝලා ව්‍යාප්තියක්
  • International Monetary FundIMF වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක්?

©2026 Aluth News | All rights reserved by Kumaraguru Group