Skip to content
Aluth News
Menu
  • Home
  • News
    • Local
    • World
    • Business
    • Entertainment
    • Technology
    • Sport
  • Privacy Policy
  • Terms & Conditions
  • About Us
  • Contact Us
Menu
IMG 1568

අටමස්ථානාධිපති ධුරයේ වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිමි පත් කෙරේ!

May 31, 2026 | 3 days ago

පල්ලේගම හේමරතන හිමියන්ගේ තනතුරු අත්හිටුවයි

මහනුවර — අනුරාධපුර අටමස්ථානාධිපති ධුරයේ කටයුතු තාවකාලිකව අධීක්ෂණය කිරීම සහ එහි වගකීම් ඉටු කිරීම සඳහා රුවන්වැලි මහසෑ විහාරාධිකාරී, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක හිමිපාණන්ව පත් කිරීමට අටමස්ථාන කාරක සභාව තීරණය කර තිබේ. මල්වතු මහා විහාරය නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළේය.

මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නාහිමිපාණන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවේ උපදෙස් හා මඟපෙන්වීම් මත මෙම තාවකාලික පත්කිරීම සිදුකර ඇත.

වත්මන් අටමස්ථානාධිපති මෙන්ම මල්වතු පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ධුරය දරන පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග වෙමින් පවතී.

මේ හේතුවෙන් සලකා බැලූ මල්වතු මහා විහාරයේ කාරක මහා සංඝ සභාව, අදාළ පාර්ශවයන් කැඳවා කරුණු විමසීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් දැරූ “නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක” ගෞරව උපාධිය සහ තනතුර අත්හිටුවීමට තීරණය කර ඇත. එම අධිකරණ ක්‍රියාවලිය අවසන් වී අවසන් තීන්දුවක් ලැබෙන තෙක්, අටමස්ථානාධිපති ධුරයේ කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා මෙලෙස ඥාණතිලක හිමියන්ව තාවකාලිකව පත් කර තිබේ.

නිල නිවේදනය

මල්වතු මහා විහාරීය පාර්ශවයේ ලේඛකාධිකාරී, පූජ්‍ය පණ්ඩිත ආචාර්ය පාහමුණේ සුමංගල නායක හිමිපාණන්ගේ අත්සනින් යුතුව මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත.

අලුතින් පත් වූ වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිමියන්, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ඇතුළු ආගමික හා සමාජීය ක්ෂේත්‍ර රැසක වගකීම් දරන, ප්‍රදේශයේ දැඩි ගෞරවයට පාත්‍ර වූ යතිවරයෙකි.

මල්වතු මහා විහාරයෙන් නිකුත් කළ නිල නිවේදනය පහත සබැඳිය මගින් බාගත කරගත හැක.

Malwathu Maha viharayaDownload

You May Missed:

නිවසේ තනිව සිටි කාන්තාව ඝාතනය කර සිරුර ගමන් බෑගයක සඟවලා

May 21, 2026

බස්නාහිර පළාතේ මීළඟ ආණ්ඩුකාරවරයා එරාන් ද?

May 18, 2026

දිගුකාලීනව ප්‍රමාද වූ පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට සියලුම දේශපාලන පක්ෂ ...

May 27, 2026

ඉන්ධන මිල යළිත් ඉහළට: සිපෙට්කෝ, ලංකා IOC සහ සිනොපෙක් මිල ගණන් මෙන්න

May 31, 2026

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට රුසියාවෙන් අතහිත!

May 19, 2026

මුදල් අච්චු ගැසීම සහ විනිමය අනුපාත ගැන පැතිරෙන සාවද්‍ය මතවලට නොරැවටෙන්න

May 26, 2026
Share on Social Media
xfacebooklinkedinemailwhatsapp

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

IMG 20260602 WA0000 1000x600

පාකිස්තාන නාවික හමුදාවේ යුද නෞකා දෙකක් හා සබ්මැරීනයක් කොළඹ වරායට

3:10 pm 03 Jun 2026
Iran USA War

මැදපෙරදිග යළිත් උණුසුම් වෙයි: ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

2:10 pm 03 Jun 2026
Harsha De Silva

හර්ෂගේ ගෙදරට එවූ භාණ්ඩාගාර වාර්තාව හරවා යවයි

1:16 pm 03 Jun 2026
LPL

ලොව T20 ක්‍රිකට් පිටියේ තීරණාත්මක වෙනසක්?

9:39 am 02 Jun 2026
Patali-and-G.-L.-Peiris.webp

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රජයේ දූෂණ හමුවේ ඇස් පියාගෙන සිටිනවා – ජනතාවාදී එක්සත් විපක්ෂය චෝදනා කරයි

9:26 am 02 Jun 2026
Elephant Corridors

මිනිස්–අලි ගැටුම් අවම කිරීමට අලි ගමන් මාර්ග ගැසට් කිරීමට රජය සැරසේ

9:18 am 02 Jun 2026
©2026 Aluth News | All rights reserved by Kumaraguru Group