Skip to content
Aluth News
Menu
  • Home
  • News
    • Local
    • World
    • Business
    • Entertainment
    • Technology
    • Sport
  • Privacy Policy
  • Terms & Conditions
  • About Us
  • Contact Us
Menu
චීනයේ ගල් අඟුරු පතලක පිපිරීමක්

චීනයේ ගල්අඟුරු ආකරයක වායු පිපිරීමකින් මියගිය සංඛ්‍යාව 90 දක්වා ඉහළට

May 23, 2026 | 1 day ago

චීනයේ උතුරු ෂාන්සි (Shanxi) පළාතේ පිහිටි “ලියුෂෙන්යු” (Liushenyu) ගල්අඟුරු පතලක සිදුවූ භයානක වායු පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුර 2009 වසරෙන් පසු චීනයේ සිදුවූ දරුණුතම පතල් විපත ලෙස සැලකේ.

චීන රාජ්‍ය පුවත් සේවාවන් අනුව මෙම පිපිරීම මැයි 22 වැනිදා රාත්‍රී 7.29ට පමණ ෂාන්සි පළාතේ චාංෂි (Changzhi) නගරයට ආසන්න “ලියුෂෙන්යු” ගල්අඟුරු පතලේ දී සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ භූගතව සේවකයින් 247 දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ගෙන් බහුතරයක් හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් මඟින් පිටතට ගෙන තිබුණද, බොහෝ දෙනෙකුට විෂ වායු ආඝාත හා බරපතළ තුවාල සිදුව තිබේ.

චීන බලධාරීන්ගේ මූලික විමර්ශන අනුව, ආකරය තුළ වායු සාන්ද්‍රණය ඉතා ඉහළ මට්ටමකට ළඟා වීමෙන් මෙම පිපිරීම සිදුව ඇති බවට සැක පළ වේ. විශේෂයෙන්ම කාබන් මොනොක්සයිඩ් හා මීතේන් වායු මට්ටම් ආරක්ෂිත සීමාව ඉක්මවා තිබූ බව වාර්තා වේ.

චීනයේ ජාතික කැනීම් ආරක්ෂක පරිපාලනය (National Mine Safety Administration) විසින් 2024 වසරේදී මෙම පතල “අධි වායු අවදානම්” ඇති පතල් ලැයිස්තුවට ඇතුළත් කර තිබූ බවද අනාවරණය වී තිබේ. එමෙන්ම පසුගිය කාලයේ ආරක්ෂක නීති කඩකිරීම් සම්බන්ධයෙන්ද මෙම ආකරය දඩ නියමවීම්වලට ලක්ව තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අනතුරෙන් පසු හදිසි ගලවා ගැනීමේ කණ්ඩායම් 700කට අධික පිරිසක් මෙහෙයුම් සඳහා යොදවා තිබේ. පතලේ ප්‍රවේශ මාර්ගය අංශක 30කට ආසන්න බෑවුමක පිහිටා තිබීම හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් අතිශය අපහසු වී ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර තවත් පිරිසක් අතුරුදන්ව සිටින බැවින් සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ. රෝහල්ගත කළ පිරිස අතර කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.

චීන ජනාධිපති ෂී ජින්පින් මෙම අනතුරට පත්වූවන් සෑම උත්සහයක්ම දරා ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ලෙස නියෝග කර ඇති අතර, සිද්ධිය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් ආරම්භ කරන ලෙසද උපදෙස් ලබාදී තිබේ.

චීන අග්‍රාමාත්‍ය ලී චියෑං ද මෙම අනතුරට වගකිව යුතු පාර්ශ්වයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කර තිබේ. මේ වනවිට පතල පවත්වාගෙන ගිය සමාගමේ නිලධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් වාර්තා පවසයි.

ලෝකයේ විශාලතම ගල්අඟුරු නිෂ්පාදකයා වන චීනය පසුගිය දශකයේදී පතල් ආරක්ෂාව වැඩිදියුණු කිරීමට උත්සාහ කළද, අධික නිෂ්පාදන පීඩනය, ආරක්ෂක නීති නොපිළිපැදීම සහ විෂ වායු පාලන දුර්වලතා හේතුවෙන් මෙවැනි විපත් තවදුරටත් සිදුවෙමින් පවතී. 2009 වසරේ හෙයිලොන්ජියැන්ග් (Heilongjiang) ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 108 දෙනෙකු මියගොස් තිබූ අතර, වත්මන් අනතුර එතැන් පසු සිදුවූ දරුණුතම විපත ලෙස සැලකේ.

You May Missed:

රතු මුහුදේ නාවික අර්බුදය: රක්ෂණ ගාස්තු 15% කින් ඉහළට - ගෝලීය සැපයුම් දාමයට දැඩි බලපෑම්

May 13, 2026

ඉන්දීය තරුණියගේ අභිරහස් මරණය ඝාතනයක්ද? සියදිවි නසාගැනීමක්ද?

May 23, 2026

ට්‍රම්ප්ගෙන් පසු පුටින්ටත් බීජිං නුවරින් රතු පලස්

May 19, 2026

ඔස්ට්‍රියාව සහ ඇමරිකාව අතර ගුවන් සීමාවේ උණුසුම් තත්ත්වයක්

May 14, 2026

කොංගෝ සහ උගන්ඩාවේ දරුණු ඉබෝලා ව්‍යාප්තියක්

May 19, 2026

ඉරාන යුද උණුසුමෙන් ගෝලීය වෙළෙඳපොළ කම්පනයට

May 23, 2026
Share on Social Media
xfacebooklinkedinemailwhatsapp

නවතම පුවත්

Direct flight between Colombo and Ahmedabad

ෆිට්ස්එයාර් (FitsAir) වෙතින් අහමදාබාද් – කොළඹ ඍජු ගුවන් ගමන් ජූනි මාසයේ සිට

7:46 pm 24 May 2026
Suspect has been arrested

රුපියල් ලක්ෂ 80ක රන් මාල සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ ප්‍රධාන සැකකරු හෝමාගමදී කොටු වෙයි

7:23 pm 24 May 2026
Husband set fire to wife in Mullariya

අංගොඩ වෙළඳසැලකදී බිරිඳට පෙට්‍රල් දමා ගිනි තැබූ ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට

7:11 pm 24 May 2026
PM concludes official visit to UK

එක්සත් රාජධානියේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් අග්‍රාමාත්‍යවරිය යළි දිවයිනට

5:47 pm 24 May 2026
Suspect has been arrested

දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

1:08 pm 24 May 2026
Court decisions

හිමිනමකගේ වසර 10ක සිරදඬුව දඬුවම අභියාචනාධිකරණයෙන් අවලංගු කෙරේ

9:30 am 24 May 2026
©2026 Aluth News | Design: Newspaperly WordPress Theme