ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් 2026 කෑන්ස් චිත්‍රපට උළෙලේදී නැවතත් ජාත්‍යන්තර මාධ්‍ය අවධානය දිනාගැනීමට සමත් වී තිබේ. විශේෂයෙන්ම චොපාර්ඩ් ගලා (chopard gala) රාත්‍රී උත්සවයේදී ඇය පෙනී සිටි අලංකාර කළු පැහැති සීකුවීන්ස් ගවුන් විලාසිතාව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති කළේය. විලාසිතා විචාරකයන් සඳහන් කළේ ජැක්ලින්ගේ මෙම පෙනුම වින්ටේජ් හොලිවුඩ් ගලැමෝර් (Vintage Hollywood Glamour) ආකෘතියට අයත් අතිශය සුඛෝපභෝගී හා සම්භාවනීය විලාසිතාවක් බවයි. දිලිසෙන කළු පැහැති ගවුම සමඟ ඇය තෝරාගෙන තිබූ දියමන්ති ආභරණ සහ සම්ප්‍රදායික කොණ්ඩ විලාසිතාව කෑන්ස් රතු පළස මත පැරණි හොලිවුඩ් යුගය සිහිපත් කළ බව ජාත්‍යන්තර විලාසිතා අඩවි රැසක් වාර්තා කර ඇත.
මෙවර කෑන්ස් උළෙලේදී ඉන්දීය සිනමා තාරකාවන් අතර වැඩිම අවධානයක් දිනාගත් අය අතර ජැක්ලින් ෆර්නැන්ඩස් ද එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇයගේ ආකර්ශණීය පෙනුම Instagram සහ X (Twitter) ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් ව්‍යාප්ත වූ අතර, ලක්ෂ සංඛ්‍යාත රසිකයන් විලාසිතා අයිකනයක් ලෙස ඇයව ප්‍රශංසා කළහ. විලාසිතා විශේෂඥයන් පෙන්වා දෙන්නේ 1950 හා 1960 දශකවල පැරණි හොලිවුඩ් රතු පළස නවීන විලාසිතා සමඟ එකතු කරමින් ජැක්ලින් ෆර්නැන්ඩස් මෙම පෙනුම නිර්මාණය කර ඇති බවයි. විශේෂයෙන්ම ඇයගේ රූපලාවන්‍ය භාවිතය සහ සිරුරේ මනා හැඩය ඇයගේ පෙනුමට අමතර වටිනාකමක් එක් කළ බව ද සඳහන් වේ. කෑන්ස් 2026 උළෙල තුළදී බොලිවුඩ් නළු නිළියන් රැසක් විලාසිතා තුළින් ඉදිරියට පැමිණියද, ජැක්ලින්ගේ මෙම චොපාර්ඩ් ගලා විලාසිතාව “හොඳම ඇඳුම් විලාසිතා” ලැයිස්තු කිහිපයකටම ඇතුළත් වී තිබේ. මෙම අවස්ථාවත් සමඟ ජැක්ලින් ෆර්නැන්ඩස් නැවතත් ජාත්‍යන්තර විලාසිතා කරලියේ ප්‍රධාන නාමයක් බවට පත්ව ඇති අතර, ඇයගේ ඉදිරි සිනමා සහ සන්නාම ඉදිරිපත් කිරීම පිළිබඳ උනන්දුවද වැඩි වී තිබේ.
