ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගාවලියක් සඳහා පැමිණීමට නියමිත බවට ක්‍රිකට් වාර්තා අනාවරණය කරයි. මෙම සංචාරය නිල වශයෙන් තහවුරු වුවහොත්, එය ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර වසර කිහිපයකට පසු පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් වේ. මේ වන විට ටෙස්ට් ක්‍රිකට් ආකෘතිය තුළ ඉන්දියාව ලෝකයේ ප්‍රබලතම කණ්ඩායම් අතර සිටින අතර, ශ්‍රී ලංකාව ද තම දේශීය පිච්වලදී දැඩි අභියෝගයක් එල්ල කළ හැකි කණ්ඩායමක් ලෙස ප්‍රසිද්ධය.
තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ?
තරඟාවලිය පිළබඳ නිල නිල තහවුරු කිරීමක් හෝ කාලසටහනක් තවම ප්‍රකාශයට පත්කර නොමැති නමුත්, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණය හා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වැනි ක්‍රීඩාංගණවල තරග පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බව අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි.
