Skip to content
Aluth News
Menu
  • Home
  • News
    • Local
    • World
    • Business
    • Entertainment
    • Technology
    • Sport
  • Privacy Policy
  • Terms & Conditions
  • About Us
  • Contact Us
Menu
National Housing development Authority

නිවාස සංවර්ධන අධිකාරිය ගැන කෝප් කමිටුවේදී හෙළි වූ දේවල්

May 24, 2026 | 19 hours ago

විධිමත් සම්මුඛ පරීක්ෂණ නෑ; ඇමැතිවරුන් හිතුමතේ බඳවාගත් පිරිසක් නිවාස සංවර්ධන අධිකාරියේ වරප්‍රසාද ලබති

කිසිදු විධිමත් සම්මුඛ පරීක්ෂණයකට භාජනය නොකර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත මෙලෙස බඳවාගෙන ඇති සේවකයන් විශාල පිරිසක් මේ වන විටත් වැටුප් වර්ධක සහ විවිධ වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (COPE) අනාවරණය වී තිබේ.

කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති විශේෂ විමර්ශන රැස්වීමකදී මෙම කරුණු කරළියට පැමිණ ඇත.

පසුගිය කාලසීමාවන් තුළ කටයුතු කළ ඇතැම් අමාත්‍යවරුන් විසින් කිසිදු නීත්‍යානුකූල පටිපාටියකින් තොරව, දේශපාලන අවශ්‍යතා මත කණ්ඩායම් වශයෙන් (තොග පිටින්) සේවකයන් ආයතනයට ඇතුළත් කර ඇති බව කමිටු විමර්ශනවලදී හෙළි විය.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් ලෙස හඳුන්වමින් මෙම පිරිස් බඳවාගෙන ඇති අතර, ඊට අදාළ කැබිනට් මණ්ඩල අනුමැතිය පවා ලබාගෙන තිබීම විශේෂත්වයකි.

මෙලෙස අක්‍රමවත් ලෙස සේවකයන් බඳවාගෙන තිබියදීත්, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ තවමත් තනතුරු 707ක පුරප්පාඩු පවතින බව එහි උසස් නිලධාරීන් කමිටුව හමුවේ පිළිගත්තේය.

ආයතනය තුළ මෙතරම් සේවක අතිරික්තයක් තිබියදීත් මෙවැනි පුරප්පාඩු සංඛ්‍යාවක් ඉතිරි වීමට හේතුව කුමක්දැයි කෝප් කමිටු සභාපතිවරයා ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් අධිකාරියේ උසස් නිලධාරිනියක සඳහන් කළේ, ආයතනයේ සේවය කළ නිලධාරීන් සහ සේවකයන් විශාල පිරිසක් එකවර විශ්‍රාම ගැනීම හේතුවෙන් මෙම පුරප්පාඩු මතු වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කඩිනමින් විධිමත් වාර්තාවක් කැඳවීමට සහ ඉදිරි පියවර ගැනීමට කෝප් කමිටුව තීරණය කර ඇත.

You May Missed:

එයාර්බස් මහා මංකොල්ලය: මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවයි - කපිල චන්ද්‍රසේනගේ මරණය ගැනත් පර...

May 12, 2026

ශ්‍රී ලංකාවෙන් ෂැංහයි සහයෝගීතා සංවිධානය සමඟ සබඳතා ශක්තිමත් කිරීමට නව උත්සාහයක්

May 21, 2026

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වාර්තාවක් තබමින් 2026 වසරේ මුල් දින 132 තුළ ආදායම රුපියල් ට්‍...

May 15, 2026

ලක්විජය බලාගාරයට ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩර් කොන්දේසි දැඩි කෙරේ

May 17, 2026

වාහන ආනයනය සීමා කිරීමේ හෝ ආර්ථිකය හැකිලීමේ කිසිදු අදහසක් රජයට නැහැ

May 23, 2026

ආනයනික කිරි පිටි මිල ඉහළට

May 20, 2026
Share on Social Media
xfacebooklinkedinemailwhatsapp

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

Direct flight between Colombo and Ahmedabad

ෆිට්ස්එයාර් (FitsAir) වෙතින් අහමදාබාද් – කොළඹ ඍජු ගුවන් ගමන් ජූනි මාසයේ සිට

7:46 pm 24 May 2026
Suspect has been arrested

රුපියල් ලක්ෂ 80ක රන් මාල සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ ප්‍රධාන සැකකරු හෝමාගමදී කොටු වෙයි

7:23 pm 24 May 2026
Husband set fire to wife in Mullariya

අංගොඩ වෙළඳසැලකදී බිරිඳට පෙට්‍රල් දමා ගිනි තැබූ ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට

7:11 pm 24 May 2026
PM concludes official visit to UK

එක්සත් රාජධානියේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් අග්‍රාමාත්‍යවරිය යළි දිවයිනට

5:47 pm 24 May 2026
Suspect has been arrested

දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

1:08 pm 24 May 2026
Court decisions

හිමිනමකගේ වසර 10ක සිරදඬුව දඬුවම අභියාචනාධිකරණයෙන් අවලංගු කෙරේ

9:30 am 24 May 2026
©2026 Aluth News | Design: Newspaperly WordPress Theme