Skip to content
Aluth News
Menu
  • Home
  • News
    • Local
    • World
    • Business
    • Entertainment
    • Technology
    • Sport
  • Privacy Policy
  • Terms & Conditions
  • About Us
  • Contact Us
Menu
Anura Dissanayake

“2022 වැනි ආර්ථික අර්බුදයක් නැවත සිදු නොවේ” – ජනාධිපතිවරයා සහතික කරයි

May 23, 2026 | 2 days ago

ශ්‍රී ලංකාව 2022 දී මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදය නැවත සිදු නොවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර ඇත. රටේ විදේශ විනිමය තත්ත්වය සහ ආර්ථික ස්ථාවරත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇති බැවින් මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවීමේ අවදානම අඩුවී ඇති බව ඔහු පවසයි.

මෙම ප්‍රකාශය සිදුකෙරුණේ මැයි 22 දා නින්දවූර් ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහනකට සහභාගීවෙමින්ය.

2022 අර්බුදය ඇතිවූ ආකාරය

ශ්‍රී ලංකාවේ 2022 ආර්ථික අර්බුදය රටේ ඉතිහාසයේ දැඩිම මූල්‍ය කඩා වැටීම ලෙස සැලකේ. ඒ සඳහා ප්‍රධාන හේතු වූයේ:

  • විදේශ විනිමය හිඟය හා ණය ගෙවීම් අසමත් වීම
  • ඉන්ධන, ගෑස්, ඖෂධ සහ ආහාර හිඟය
  • 2019–2022 කාලයේ ආර්ථික කළමනාකරණ අසාර්ථකතා
  • COVID-19 හා සංචාරක ආදායම් පහත වැටීම
  • රාජ්‍ය ණය අර්බුදය සහ 2022 අප්‍රේල් මාසයේ ණය අත්හිටුවීම (sovereign default)

ඒ සමඟම 2022 අප්‍රේල්–ජූලි කාලය තුළ දේශපාලන අස්ථාවරතාවද උග්‍ර වූ අතර, ජනතාවගේ විරෝධතා මධ්‍යයේ ආණ්ඩුව වෙනස් විය.

ජනාධිපතිවරයාගේ නව තර්කය – විදේශ සංචිත සහ ස්ථාවරත්වය

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ 2022 සමඟ සසඳන විට රටේ ආර්ථික තත්ත්වය දැන් වෙනස් බවයි. ඒ අනුව වැඩිරටත් ජනාධිපතිවරයා අවධාරණ කරන ලද්දේ විදේශ විනිමය සංචිත දැඩි ලෙස වැඩිවීම, IMF වැඩසටහන යටතේ ආර්ථික ස්ථාවරීකරණය, ආනයන අවශ්‍යතා සඳහා වඩා ශක්තිමත් මූල්‍ය හැකියාව, ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය නොවීම පිණිස රජය ගෙන ඇති ක්‍රියාමාර්ග වැනි කටයුතු මත 2022 වැනි තත්ත්වයක් නැවත ඇති නොවන බවයි.

2022 අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව IMF ආධාර වැඩසටහනක් යටතට පැමිණි අතර, ඒ අනුව, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බදු ප්‍රතිසංස්කරණ සහ ආදායම් වැඩි කිරීම, මුදල් ප්‍රතිපත්ති ස්ථාවර කිරීම, විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම වැනි ක්‍රියාමාර්ග මගින් 2023–2025 අතර කාලයේ ආර්ථිකය ක්‍රමයෙන් ස්ථාවර වීම ආරම්භ වූ බව ජාත්‍යන්තර මූල්‍ය ආයතන ද සඳහන් කර ඇත.

ආර්ථිකය ස්ථාවර වුවද, විශේෂඥයන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර වෙළඳපොළ අවදානම්, ඉන්ධන මිල වෙනස්වීම්, ණය බර තවමත් ඉහළ මට්ටමක තිබීම, ආදායම් වර්ධනය අවශ්‍ය වීම යන කරුණු තවදුරටත් අවධානයට ලක් විය යුතු බවයි.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය 2022 අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ස්ථාවර මාවතකට පිවිසෙමින් සිටින බවට දේශපාලන හා ආර්ථික වශයෙන් ලබාදෙන සහතිකයකි. එහෙත් විශේෂඥයන් පවසන්නේ දිගුකාලීන ස්ථාවරත්වය සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවයි.

You May Missed:

ගුරු සේවය වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට එක්වෙයි ද?

May 15, 2026

2026දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 950,000 ඉක්මවයි

May 21, 2026

අගමැති හරිනි බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක!

May 19, 2026

17 වන විජයග්‍රහණයේ සැමරුව අභිමානවත් ලෙස නිමා වේ!

May 20, 2026

ශ්‍රී ලංකාව සහ බෙලාරුස් අතර නව සබඳතා: සෞඛ්‍ය, අධ්‍යාපන සහ ගුවන් සේවා ක්ෂේත්&#x2...

May 15, 2026

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 116ක්

May 23, 2026
Share on Social Media
xfacebooklinkedinemailwhatsapp

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

Direct flight between Colombo and Ahmedabad

ෆිට්ස්එයාර් (FitsAir) වෙතින් අහමදාබාද් – කොළඹ ඍජු ගුවන් ගමන් ජූනි මාසයේ සිට

7:46 pm 24 May 2026
Suspect has been arrested

රුපියල් ලක්ෂ 80ක රන් මාල සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ ප්‍රධාන සැකකරු හෝමාගමදී කොටු වෙයි

7:23 pm 24 May 2026
Husband set fire to wife in Mullariya

අංගොඩ වෙළඳසැලකදී බිරිඳට පෙට්‍රල් දමා ගිනි තැබූ ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට

7:11 pm 24 May 2026
PM concludes official visit to UK

එක්සත් රාජධානියේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් අග්‍රාමාත්‍යවරිය යළි දිවයිනට

5:47 pm 24 May 2026
Suspect has been arrested

දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

1:08 pm 24 May 2026
Court decisions

හිමිනමකගේ වසර 10ක සිරදඬුව දඬුවම අභියාචනාධිකරණයෙන් අවලංගු කෙරේ

9:30 am 24 May 2026
©2026 Aluth News | Design: Newspaperly WordPress Theme