Skip to content
Aluth News
Menu
  • Home
  • Categories
    • Local
    • World
    • Business
    • Entertainment
    • Technology
    • Sport
  • Privacy Policy
  • Terms & Conditions
  • About Us
  • Contact Us
Menu
Railway Sri Lanka

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට රුසියාවෙන් අතහිත!

Posted on May 19, 2026

ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ නවීන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තබා ඇත. මෙම ද්විපාර්ශ්වික එකඟතාව හරහා මෙරට දුම්රිය සේවාවේ පවතින තාක්ෂණික ගැටලුවලට තිරසාර විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අත්සන් තැබීමේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සභාවේ නායක සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහභාගී වූ අතර, රුසියානු පාර්ශ්වය වෙනුවෙන් එරට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ලේකම් දිමිත්‍රි ස්වෙරෙව් (Dmitry Zverev) මහතා අත්සන් තැබීය. ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණික සහයෝගය ලබා දීම සඳහා මෙම අවබෝධතා ගිවිසුම මගින් රුසියාව සමඟ එකඟතාවයට පැමිණ ඇත.

රුසියාවේ “කසාන්” (Kazan) ජාත්‍යන්තර ආර්ථික සමුළුව

මෙම තීරණාත්මක ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ රුසියාවේ ටාටාස්ථාන් ප්‍රාන්තයේ කසාන් (Kazan) නුවරදී පැවැත්වුණු 17 වන ජාත්‍යන්තර ආර්ථික සමුළුව (XVII International Economic Forum – KazanForum) අතරතුරදීය.

රුසියාව – ඉස්ලාමීය ලෝකය: විශ්වාසය සහ සහයෝගීතාව” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සමුළුව ගෝලීය වෙළඳාම සහ ආයෝජන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ. රටවල් 103කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් නියෝජිතයින් මෙම සමුළුව සඳහා සහභාගී වේ.

You May Missed:

ලක්විජය බලාගාරයට ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩර් කොන්දේසි දැඩි කෙරේ

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වාර්තාවක් තබමින් 2026 වසරේ මුල් දින 132 තුළ ආදායම රුපියල් ට්‍...

IMF වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක්?

Share on Social Media
xfacebooklinkedinemailwhatsapp

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

Mattala international airport

හම්බන්තොට ජාත්‍යන්තර ගුවන්තොටුපළට නැවත ආයෝජකයන් කැඳවයි!

9:59 am 20 May 2026
Cyber Crime Crime in Sri Lanka

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සයිබර් වංචා ජාලවල නව කේන්ද්‍රස්ථානයක්ද?

9:33 am 20 May 2026
National War Heroes

17 වන විජයග්‍රහණයේ සැමරුව අභිමානවත් ලෙස නිමා වේ!

9:17 am 20 May 2026
International Monetary Fund

IMF වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක්?

8:55 am 20 May 2026
Harini's visit to UK

අගමැති හරිනි බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක!

11:02 pm 19 May 2026

වැඩිම නැරඹුම්

  • Railway Sri Lankaශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට රුසියාවෙන් අතහිත!
  • රාජ්‍ය ආයතන තුළ ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය තහනම්රජයේ ආයතනවල ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය මැයි 31 සිට තහනම්
  • Ebola Outbreakකොංගෝ සහ උගන්ඩාවේ දරුණු ඉබෝලා ව්‍යාප්තියක්
  • International Monetary FundIMF වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක්?

©2026 Aluth News | All rights reserved by Kumaraguru Group