Skip to content
Aluth News
Menu
  • Home
  • Categories
    • Local
    • World
  • Privacy Policy
  • Terms & Conditions
  • About Us
  • Contact Us
Menu
blank

බස්නාහිර පළාතේ මීළඟ ආණ්ඩුකාරවරයා එරාන් ද?

Posted on May 18, 2026

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට ඉරාන් වික්‍රමරත්න මහතා පත් කිරීමට යෝජනාවක්!

බස්නාහිර පළාතේ දේශපාලන අධිකාරියේ ප්‍රධානතම තනතුරක් වන බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත් කිරීමට රජයේ අභ්‍යන්තර අවධානය යොමුව ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

වත්මන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට අපේක්ෂාවෙන් පසුවන බව ඊයේ (17) නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ. ඒ අනුව ඉදිරියේදී පුරප්පාඩු වීමට නියමිත මෙම තනතුර සඳහා ඉරාන් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා වී ඇති බව වාර්තා වේ.

ක්‍රිකට් කමිටු පත්වීම සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) බලපෑම

සමගි ජන බලවේගය නියෝජනය කළ ඉරාන් වික්‍රමරත්න මහතා මෑතකදී රජය සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ධුරය භාරගත්තේ පසුගිය අප්‍රේල් 29 වනදාය. කෙසේ වෙතත්, ඔහු සෘජුවම දේශපාලනයට සම්බන්ධ චරිතයක් වීම හේතුවෙන්, මේ වන විට දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නියෝජිතයින් මෙම පත්වීම පිළිබඳව සිය දැඩි කණස්සල්ල පළකර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

අයි.සී.සී. (ICC) නීති රීතිවලට අනුව ඉදිරි මාස තුන ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයක් පැවැත්වීමට නියමිත අතර, පවතින තත්ත්වය හමුවේ ඉරාන් වික්‍රමරත්න මහතාට එම තනතුරෙන් ඉවත් වීමට සිදුවීමේ අවදානමක් මතුව ඇත.

ආණ්ඩු පක්ෂයෙන් ආ නව යෝජනාව

තමන් නියෝජනය කළ දේශපාලන පක්ෂය ද අතහැර ආණ්ඩුව සමඟ අත්වැල් බැඳගත් ඉරාන් වික්‍රමරත්න මහතාට සිදුව ඇති මෙම දේශපාලන අර්බුදයට විසඳුමක් ලෙස, ඔහු වෙත හිස්වන බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය පිරිනැමිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තරයෙන්ම මේ වන විට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

You May Missed:

රුපියල් මිලියන 108ක කොකේන් සමඟ ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා කටුනායකදී රේගු දැලට!

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වාර්තාවක් තබමින් 2026 වසරේ මුල් දින 132 තුළ ආදායම රුපියල් ට්‍...

දන්සල් ප්‍රචාරණයට බෞද්ධ කොඩි තහනම්!

Share on Social Media
xfacebooklinkedinemailwhatsapp

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

SL Customs

ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී තනතුරට බඳවා ගැනීම

8:11 pm 18 May 2026
1779132599660

ඉදිරි සතිවලදී ශ්‍රී ලංකා විදේශ සංචිත වෙනුවෙන් ඩොලර් මිලියන 950ක දැවැන්ත ජනනයක්!

7:36 pm 18 May 2026
Kfd8oJj2 400x400

බස්නාහිර පළාතේ මීළඟ ආණ්ඩුකාරවරයා එරාන් ද?

7:20 pm 18 May 2026
Ministry of foreign affairs

ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල සඳහා නව පොදු වෙබ් අඩවි පද්ධතියක් විදේශ අමාත්‍යාංශයෙන් දියත් කෙරේ

5:15 pm 18 May 2026
Vesak festival

දන්සල් ප්‍රචාරණයට බෞද්ධ කොඩි තහනම්!

2:08 pm 18 May 2026

වැඩිම නැරඹුම්

  • CeypetcoCPC පිරවුම්හල්වල ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් හිඟයක්?
  • Malwana Houseමල්වානේ නිවසින් ඉවත් වීමට විශ්වවිද්‍යාල සිසුන් එකඟ වෙයි
  • Hanif Yusuf - Western province Governorබස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
  • Victory day - 19ත්‍රස්තවාදය පරාජය කර වසර 17ක් සපිරීම නිමිත්තෙන් ජාතික රණවිරු සැමරුම හෙට බත්තරමුල්ලේදී

©2026 Aluth News | All rights reserved by Kumaraguru Group