Skip to content
Aluth News
Menu
  • Home
  • News
    • Local
    • World
    • Business
    • Entertainment
    • Technology
    • Sport
  • Privacy Policy
  • Terms & Conditions
  • About Us
  • Contact Us
Menu
Direct flight between Colombo and Ahmedabad

ෆිට්ස්එයාර් (FitsAir) වෙතින් අහමදාබාද් – කොළඹ ඍජු ගුවන් ගමන් ජූනි මාසයේ සිට

May 24, 2026 | 6 hours ago

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බටහිර ඉන්දියාව සමඟ පවතින ගුවන් සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, එළඹෙන ජූනි 19 වනදා සිට ඉන්දියාවේ අහමදාබාද් නුවර සහ කොළඹ අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික ගුවන් සමාගමක් වන ෆිට්ස්එයාර් (FitsAir) ආයතනය විසින් මෙම නව ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරනු ලබයි.

මීට පෙර වෙනත් ගුවන් තොටුපළවල් හරහා (with stopovers) අහමදාබාද් සිට කොළඹට පැමිණීමට පැය 9කට ආසන්න කාලයක් ගත වුවද, මෙම නව ඍජු ගුවන් සේවාව හරහා එම කාලය පැය 3ක් දක්වා අඩු කර ගැනීමට සංචාරකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. මෙම ගුවන් ගමන් සේවාව සතියකට දින 3ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ගුජරාට් වැසියන් තුළ පවතින විදේශ සංචාරක ඉල්ලුම සහ ශ්‍රී ලංකාව සමඟ පවතින සංස්කෘතික බැඳීම මෙම නව ගුවන් සේවාව ආරම්භ කිරීමට ප්‍රධානතම හේතුව වී තිබේ. ‘වෝකර්ස් ටුවර්ස්’ (Walkers Tours) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නාලක අමරතුංග මහතා පෙන්වා දෙන්නේ 2025 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන්ගෙන් 24%ක්ම ඉන්දියානුවන් බවයි. ඒ අනුව ඉන්දීය සංචාරකයන් 531,000කට අධික පිරිසක් පසුගිය වසරේ මෙරටට පැමිණ ඇත. ශ්‍රී ලංකාවේ සංචාරක නිලධාරීන් පවසන පරිදි මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට බවට ඉන්දියාව පත්ව තිබේ. ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ (Cinnamon Hotels & Resorts) ආයතනයේ කමල් මුණසිංහ මහතා සඳහන් කළේ මේ වසරේදී එම අගය තවදුරටත් ඉහළ යනු ඇති බවයි. ඉන්දියාවේ අනෙකුත් නගර සමඟ සබඳතා පැවතුණ ද, ගුජරාටයේ අහමදාබාද් යනු මෙතෙක් නිසි ලෙස ප්‍රයෝජනයට නොගත් (untapped) වටිනා වෙළඳපොළක් බව ඔහු පෙන්වා දෙයි.

MICE සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා ද මෙම නව ගුවන් ගමනාන්තය මගින් ධනාත්මක බලපෑමක් ඇති වනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීනයිිි පෙන්වා දෙන අතර විශේෂයෙන් ව්‍යාපාරික සමුළු, සම්මන්ත්‍රණ සහ ආයතනික උත්සව (MICE – Meetings, Incentives, Conferences, and Exhibitions) සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට ඉන්දීය සමාගම් තුළ පවතින උනන්දුව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සංවර්ධනය වී ඇති නවීන සුඛෝපභෝගී හෝටල් සහ ඒකාබද්ධ නිවාඩු නිකේතන (integrated resorts) මීට මනා පිටුවහලක් වී ඇත.

මෙම නව පියවර හරහා ඉදිරි මාසවලදී මෙරට සංචාරක ආදායම තවදුරටත් ඉහළ යනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විශ්වාසය පළ කරති.

You May Missed:

එක්සත් රාජධානියේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් අග්‍රාමාත්‍යවරිය යළි දිවයිනට

May 24, 2026

වාහන ආනයනය සීමා කිරීමේ හෝ ආර්ථිකය හැකිලීමේ කිසිදු අදහසක් රජයට නැහැ

May 23, 2026

භාණ්ඩ රැසක මිල ගණන් ඉහළට – ජීවන වියදම තවත් වැඩිවෙයි

May 22, 2026

ත්‍රස්තවාදය පරාජය කර වසර 17ක් සපිරීම නිමිත්තෙන් ජාතික රණවිරු සැමරුම හෙට බත්තරමුල්ලේදී

May 18, 2026

ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට අධි රුධිර පීඩනය — සෞඛ්‍ය අමාත්‍යාංශය

May 22, 2026

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 116ක්

May 23, 2026
Share on Social Media
xfacebooklinkedinemailwhatsapp

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

Direct flight between Colombo and Ahmedabad

ෆිට්ස්එයාර් (FitsAir) වෙතින් අහමදාබාද් – කොළඹ ඍජු ගුවන් ගමන් ජූනි මාසයේ සිට

7:46 pm 24 May 2026
Suspect has been arrested

රුපියල් ලක්ෂ 80ක රන් මාල සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ ප්‍රධාන සැකකරු හෝමාගමදී කොටු වෙයි

7:23 pm 24 May 2026
Husband set fire to wife in Mullariya

අංගොඩ වෙළඳසැලකදී බිරිඳට පෙට්‍රල් දමා ගිනි තැබූ ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට

7:11 pm 24 May 2026
PM concludes official visit to UK

එක්සත් රාජධානියේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් අග්‍රාමාත්‍යවරිය යළි දිවයිනට

5:47 pm 24 May 2026
Suspect has been arrested

දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

1:08 pm 24 May 2026
Court decisions

හිමිනමකගේ වසර 10ක සිරදඬුව දඬුවම අභියාචනාධිකරණයෙන් අවලංගු කෙරේ

9:30 am 24 May 2026
©2026 Aluth News | Design: Newspaperly WordPress Theme