Skip to content
Aluth News
Menu
  • Home
  • News
    • Local
    • World
    • Business
    • Entertainment
    • Technology
    • Sport
  • Privacy Policy
  • Terms & Conditions
  • About Us
  • Contact Us
Menu
PM concludes official visit to UK

එක්සත් රාජධානියේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් අග්‍රාමාත්‍යවරිය යළි දිවයිනට

May 24, 2026 | 8 hours ago

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ 43 වන රැස්වීමට සහභාගී වීම සඳහා සහ ද්විපාර්ශ්වික, අධ්‍යාපනික හා ප්‍රජා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් 2026 මැයි 18 සිට 22 දක්වා එක්සත් රාජධානියේ සිදු කළ නිල සංචාරයක අවසන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) යළි දිවයිනට පැමිණියා ය.

සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ (Institute of Development Studies – IDS) 60 වන සංවත්සරයට සහභාගී වෙමින් සිය නිල සංචාරය ආරම්භ කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන හා ආර්ථික අත්දැකීම් පදනම් කර ගනිමින් දේශපාලනය, පාලනය හා සංවර්ධනය අතර සම්බන්ධතා මෙන්ම මහජන අපේක්ෂාවන්ට ප්‍රතිචාර දක්වමින් සහ ප්‍රජාතන්ත්‍රවාදී වගකීම් පවත්වා ගනිමින් පාලනය, ආර්ථිකය නඟා සිටුවීම, සමාජ ආරක්ෂාව හා ආයතනික ප්‍රතිසංස්කරණ අතර සමතුලිතතාව පවත්වා ගැනීමේ අභියෝග පිළිබඳවද සාකච්ඡා කළාය.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය ඔක්ස්ෆර්ඩ් ගෝලීය හා කලාපීය අධ්‍යයන පාසල (Oxford School of Global and Area Studies – OSGA) විසින් වාර්ෂිකව සංවිධානය කරන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ඇන්ටනි විද්‍යාලයේ (St Antony’s College) 2026 වසරේ දේශනය පැවැත්වූ අතර මෙම දේශනය සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්, ආචාර්යවරුන් හා පර්යේෂකයන් සහභාගී වී සිටියාය.

දේශනය සිදු කරමින් අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ සංවර්ධනය, පාලනය හා දේශපාලනය අතර සම්බන්ධතා පිළිබඳව සහ සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ අර්ථවත් ලෙස ඉටු කිරීමට උත්සාහ කරන රටවල් මුහුණ දෙනයථාර්ථයන් පිළිබඳවද කරුණු පැහැදිලි කළාය. ඔක්ස්ෆර්ඩ් සංචාරය අතරතුර ඇය චෙවිනින් CRISP වැඩසටහනේ ශ්‍රී ලාංකික සාමාජිකයින් හා විද්වතුන් සමඟද සාකච්ඡා පැවැත්වූවා ය.

මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් Yvette Cooper මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර එහිදී අග්‍රාමාත්‍යවරිය ඩිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්තවය හමුවේ එක්සත් රාජධානිය ලබාදුන් සහයෝගය මෙන්ම ඒ සඳහා වර්තමානයේ දී ලබා දෙනා අඛණ්ඩ සහාය පිළිබඳ පැසසුමට ලක් කරමින් ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළාය. එමෙන්ම ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම හා අපනයන වැඩිදියුණු කිරීම සඳහා එක්සත් රාජධානිය ගෙන යන උත්සාහයන් ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අගය කළාය. තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය හා ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා පිළිබඳව පැහැදිලි කළ අතර, මානව හිමිකම්, සංහිඳියාව හා රටේ ධනාත්මක වර්ධන ගමන්මග සම්බන්ධයෙන් රජයේ කැපවීම යළි තහවුරු කළාය.

ගෝලීය භූදේශපාලනික වර්ධනයන්, බලශක්ති අභියෝග හා කලාපීය සම්බන්ධතාව පිළිබඳ මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද දෙපාර්ශවයේ අවධානය යොමු විය.

එක්සත් රාජධානියේ අධ්‍යාපන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් Bridget Phillipson මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සිදු වූ හමුවේදී අග්‍රාමාත්‍යවරිය අර්ථවත් ආයතනික හවුල්කාරිත්වයන් පවත්වා ගැනීම, උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සහ ශිෂ්‍යයන්ට හා ගුරුවරුන්ට ඉගෙනුම් අවස්ථා සලසා දීමේ වැදගත්කම අවධාරණය කළාය. ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය අතර දිගුකාලීන අධ්‍යාපනික සහයෝගය යළි තහවුරු කරමින් ශිෂ්‍ය හුවමාරු, ඒකාබද්ධ වැඩසටහන් හා පර්යේෂණ සහයෝගය තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශවයේම අවධානය යොමු විය.

මෙම සංචාරයට සමගාමීව අග්‍රාමාත්‍යවරිය ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යාපනික විශේෂඥයන් සමඟද හමුවී අධ්‍යාපන සහයෝගය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළාය. ගුරු පුහුණුව, ඉංග්‍රීසි භාෂා වැඩසටහන්, අධ්‍යාපනික රාමු හා භාෂා දැනුම් කුසලතා වර්ධනය පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. ගුණාත්මකභාවය සහතිකකරණය වැඩිදියුණු කිරීම, පර්යේෂණ සහයෝගය පුළුල් කිරීම සහ ශිෂ්‍යයන්ට හා ගුරුවරුන්ට ඉගෙනුම් අවස්ථා වර්ධනය කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

මැයි 21 සහ 22 දිනවල පැවැති 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ 43 වන රැස්වීමටඉණ අනතුරුව අග්‍රාමාත්‍යතුමිය සහභාගී විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේදී පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් Shirley Ayorkor Botchwey මහත්මිය හමුවූ අග්‍රාමාත්‍යතුමිය, එම හමුවේ දී දේශගුණික විපර්යාස, දේශගුණික මූල්‍යකරණය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ කාන්තා දේශපාලන සහභාගීත්වය ඇතුළු ක්ෂේත්‍රවල පොදුරාජ්‍ය මණ්ඩලීය සහයෝගය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. තාක්ෂණික සහාය, කුසලතා සංවර්ධන වැඩසටහන් සහ දේශගුණික මූල්‍යකරණය හා මැතිවරණ පාලනය වැනි ක්ෂේත්‍රවල සහයෝගය හරහා ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලය සූදානම් බව මහලේකම්වරිය මෙහිදී ප්‍රකාශ කළා ය.

මෙම සංචාරය අතරතුර ඉදිරි ශත සංවත්සර සැමරුම් වෙනුවෙන් ලන්ඩන් බෞද්ධ විහාරයේද අග්‍රාමාත්‍යතුමිය සංචාරය කළ අතර, එහිදී මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක සහ ලන්ඩන් බෞද්ධ විහාරාධිපති අතිපූජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන් බැහැදැක සැමරුම් කටයුතු සහ ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා විහාරස්ථානය ඉටුකර ඇති දීර්ඝකාලීන සේවාව පිළිබඳව සාකච්ඡා කළාය. අනතුරුව ඇය ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ වෙනම පැවැති හමුවකටද එක් වූවාය.

සාර්ථකව සිය නිල සංචාරය නිම කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

You May Missed:

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් අමර් ප්‍රීත් සිං තෙදින නිල සංචාරයක් සඳහා ...

May 19, 2026

අගමැති හරිනි බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක!

May 19, 2026

“කෑගැසීම්වලට නීතිය නවත්වන්න බැහැ” – ජනපතිගෙන් දැඩි පණිවිඩය

May 20, 2026

IMF වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක්?

May 20, 2026

නිවසේ තනිව සිටි කාන්තාව ඝාතනය කර සිරුර ගමන් බෑගයක සඟවලා

May 21, 2026

ලක්විජය බලාගාරයට ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩර් කොන්දේසි දැඩි කෙරේ

May 17, 2026
Share on Social Media
xfacebooklinkedinemailwhatsapp

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

Direct flight between Colombo and Ahmedabad

ෆිට්ස්එයාර් (FitsAir) වෙතින් අහමදාබාද් – කොළඹ ඍජු ගුවන් ගමන් ජූනි මාසයේ සිට

7:46 pm 24 May 2026
Suspect has been arrested

රුපියල් ලක්ෂ 80ක රන් මාල සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ ප්‍රධාන සැකකරු හෝමාගමදී කොටු වෙයි

7:23 pm 24 May 2026
Husband set fire to wife in Mullariya

අංගොඩ වෙළඳසැලකදී බිරිඳට පෙට්‍රල් දමා ගිනි තැබූ ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට

7:11 pm 24 May 2026
PM concludes official visit to UK

එක්සත් රාජධානියේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් අග්‍රාමාත්‍යවරිය යළි දිවයිනට

5:47 pm 24 May 2026
Suspect has been arrested

දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

1:08 pm 24 May 2026
Court decisions

හිමිනමකගේ වසර 10ක සිරදඬුව දඬුවම අභියාචනාධිකරණයෙන් අවලංගු කෙරේ

9:30 am 24 May 2026
©2026 Aluth News | Design: Newspaperly WordPress Theme